කොස්තාපල් හැප්පූ රියදුරා පොලිස් දැලේ.

තලංගම, කොබ්බෑකඩුව මාර්ගයේ අකුරේගොඩ හන්දියේ දී රථවාහන හසුරුවමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ත්‍රිරෝද රථයකින් හප්පා අනතුරට ලක් කළ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

අනතුරින් තුවාල ලබා ඇත්තේ බස්නාහිර පළාත් දකුණ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකි.

එම නිලධාරියා තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කළ බව සඳහන් .

රියදුරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Exit mobile version