අල්ලස් ගත් ඉංජිනේරුවා සහ ඔහුගේ රියදුරු අත්අඩංගුවට.

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශයේ හම්බන්තොට කාර්‍යාලයේ කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.

හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පවත්වාගෙන ගිය වැලි කැණීම් ව්‍යාපාරය බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යෑමට මොවුන් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ. ඉන් රුපියල් ලක්ෂ 2 ක් කැණීම් ඉංජිනේරුවරයා සහ තවත් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් රියදුරා අල්ලස් වශයෙන් ලබා ගෙන තිබෙන අතර පසුගිය 05 වනදා මොවුන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version