එප්පාවල පෝස්පේට් සමාගමේ නිරීක්ෂණයේ යෙදුණ රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකගේ අශ්ශීල අපහාසයට ලක් වීමෙන් අනතුරුව ඔහු ඉදිරියේදීම ප්‍රහාරයකට ලක්වූ එප්පාවල පෝස්පේට් සමාගමේ සැපයුම් නිලධාරී අශෝක අබේසිංහ අද (18) තමන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඔහු තමන්ට පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට ඉල්ලීමක් කර ඇත.
තමන්ට කිසිම සාධාරණ සාක්ෂිවලින් තොරව හොරෙක් යැයි නින්දා කළ ඇමතිවරයා එතන හැසිරුනේ යම් පිරිසක් විසින් ගෙනෙන ලද ඒකපාර්ශවික අදහස් මත පිහිටමින් බව ප්‍රකාශ කළ සැපයුම් නිලධාරියා මේ සියලුම වංචා දූෂණ යට ඉන්නේ තමන් නොව සමාගමේ සභාපතිනිය බව කීවේය.
ඇයගේ වංචා දූෂණ වසා ගැනීම සඳහා ඇය මෙහෙයවූ පිරිසක් විසින් මේ කලහකාරී තත්ත්වය ඇති කළ බව කී සැපයුම් නිලධාරියා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව කියා සිටියේය.
කෙසේ නමුත් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව භාණ්ඩ මිලදී ගැනීම සදහා නිර්දේශ කරන්නේ වෙනත් කණ්ඩායමක් වන අතර මුදල් ගැනීම සිදු කරන්නේ තවත් කණ්ඩායමකි. සැපයුම් නිලධාරීන් සිදු කරනුයේ ඔවුන්ගේ නිර්දේශවලට අනුව ලබා ගන්නා භාණ්ඩ ගබඩාගත කර අදාළ අයුරින් බෙදා හැරීමක් පමණි.
ඊයේ (17) එම සිදුවීමට අනුව අපට දැකගත හැකි වූයේ මෙම ආයතනයේ සේවකයින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබදව දැනුවත් නොමැති බවත් , අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාව ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබදව කිසිදු දැනුමක් නොමැතිව එම ප්‍රකාශ නිකුත් කරන බවත් ය.ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව සැපයුම් නිලධාරීන්ට සිදු කළ හැකි එකම දේ අදාළ භාණ්ඩ තොගයට ගෙන අවශ්‍ය අවස්ථාලදී නිදහස් කිරීම පමණි. එම නීතිය එම ආයතනයේ සේවකයින් මෙන්ම අමාතවරයාද නොදැන සිටීමෙන් පසක් වෙන්නේ මෙරට අනාගතය
එසේම මෙම ආයතනයේ සාමාන්‍ය සේවකයන්ට මේ ආකාරයෙන් තර්ජනය කිරීම මෙම ආයතනයේ කිසිදු සේවකයෙකුට මේ ආකාරයෙන් තර්ජනය කිරීමට හෝ නින්දා කිරීමට අවශ්‍ය නීතියක් ශ්‍රී ලංකාව තුළ නොමැත. ඒ අනුව මෙම ස්ථානයේදී මෙසේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සියලු රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගත යුතුය. එසේම චාමර සම්පත් දසනායක මහතාද ඔහුට එරෙහිව සිදු කළ නින්දා අපහාස තර්ජනවලට එරෙහිවද නීතිය ක්‍රියාතමක විය යුතුය.
( ලංකා සර )
