පිටරට සතුන්ටවත් භාවිතා නොකරන උපකරණ අපේ රටේ පිළිකා රෝගීන්ට භාවිතා කරනවා – සජිත් ප්‍රේමදාස .

මෙරට පිළිකා රෝගීන් වෙනුවෙන් පිටරට සතුන් වෙනුවෙන්වත් යොදා නොගන්නා උපකරණ භාවිතා කරන බවත් , බදුල්ල , රත්නපුර , හම්බන්තොට , කුරුණෑගල , අනුරාධපුර රෝහල් වලටත් ලිනියා එක්සලේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා ,

” පිළිකා රෝගීන් වසරකට තිස් දාහක් අපේ රටේ බිහි වෙනවා. ඒ අයට විකිරණ ප්‍රතිකාර දීම තමයි අඩු වියදම් ක්‍රමය. ලිනියා එක්සලෙටර් උපකරණය තමයි පාවිච්චි කරන්න ඕන. ඒක තමයි නවීනතම උපකරණය. අපේ රටේ තවමත් කෝබෝල්ට් උපකරණ පාවිච්චි වෙනවා. නමුත් පිටරට සතුන්ටවත් ඒ උපකරණය පාවිච්චි කරන්නේ නැහැ. ලිනියා එක්සලෙටර් උපකරණය යාපනය මඩකලපුව කරාපිටිය මහනුවර යන රෝහල් වලට දීලා තියෙනවා. බදුල්ල රත්නපුර හම්බන්තොට කුරුණෑගල අනුරාධපුර යනාදී අනෙක් රෝහල්වලටත් දෙන්න “

Exit mobile version