යුරෝපීය රටවල උණුසුම ඉහළට .

යුරෝපීය රටවල් කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් වාර්තා කර ඇත්තේ සෙල්සියස් අංශක 40 ඉක්මවා මෙම කාලගුණ තත්ත්වය ස්පාඤ්ඤය ,ප්‍රංශය ,ග්‍රීසිය ,ක්‍රොඒෂියාව සහ තුර්කිය යන රටවලින් වාර්තා වී ඇති බවයි.

ඉතාලියේ උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් සෙල්සියස් අංශක 48ට ඉහළ අගයක් ඉක්මවනු ඇති බවට එරට ආරක්ෂක අංශ අනතුරු අගවා ඇති බව සදහන්.

රෝමය ඇතුළු නගර 10කට මෙම අනතුරු ඇගවීමේ නිවේදන සිදු කර තිබේ.

Exit mobile version