ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් මෙන්ම කනිෂ්ඨ පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් අධිකරණ තීන්දු මත මේ වන විට සිරගතව සිටින බව වාර්තා වේ.
කෙසේ නමුත් මෙසේ වැරදි වැඩකර හෝ නොකර සාක්ෂි නොමැතිවීම මත නිලධාරින් හිරේ සිටින අතරතුර DIG ලලිත් ජයසිංහ හිරේ ගියේ ම්නීමැරුමකින් නිදහස් වූ ප්‍රේමලාල් ජයසේකරගේ සිද්ධිය හා පැටලුණු බැවිනි.
එම කතාව සමග පොලිස් නිලධාරින් සිදුකරනා වැරදි ගණනාවක් පිළිබඳව එක්සත් මානව හිමිකම් සංවිධානය තම මුහුණු පොතෙන් පෙන්වා දී තිබෙන අයුරු පහතින්,
තමන් හිසට තම අතමය සෙවනැල්ල -පොලීසියෙන් කකා පොලීසිය කන ඔබට
පොලීසිය / පොලීසියේ කීර්ති නාමයට අගති දෙන පොලිස් නිළධාරින් වෙත,
මේවා බලලාවත් තමුන්ගේ අනාගතය අඳුරු කර නොගන්නට රැකියාව කරන්න. අපරාධ සේම අපරාධ වලට / අපරාධ කරුවන් බේරීමට සහාය දීම නීති විරෝධි බව සිහියේ තබා ගෙන ඔබ ඔබේ බලය භාවිතා කරන්න.
පොලිසියේ ඔබ, අපරාධ කරුවන්ව ගොඩ දාන්න සහාය වූවාට , ඔබට වැරදුන දාට ඔබට පොලීසියත් නැත. ඔබ වැරදි නොකරත් ඔබට විපතක් වූ දාට පොලීසියත් ඔබට නැත.
රටේ අසරණම කොටස පොලීසියයි. ඔබට ඔබත් නැති එකම ආයතනය පොලීසියයි.
පොලිස් අම්මේ තාත්තේ වැඳලා ඉල්ලන්නම් අඩුම තරමේ අහිංසක ළමයින්ගෙ විනාශයන්හීදිවත් / (ළමා අපයෝජන පැමිණිලි වත්) නොවිකිනී නිසි රාජකාරිය කරවන්න .
අම්මා තාත්තාට වැඳලා, උදේට පාසලට යන රටේ අහිංසක ළමයින්ව පාසල ඇතුලේදීම දූෂණය/ලිංගික අපයෝජනය කරන වුන් , පාසල ඇතුලේ කෲර වධ හිංසා දී කණ පලන , අත් පා කඩන වුන්ට නීතිය කරන්න මග අහුරන්න එපා.
පොඩි උන් අහිංසකයි. ඇඟ රිදුණු, හිත් තැලුණු උන් ලොකු වෙන්නෙ ඇගින් විතරයි, මනසින් උන් නිරෝගි කරවා සමාජයට මුහු කරවීමේ ක්‍රමයක් රටේ නැහැ. හොදටත් නරකටත් උන්ට ඇත්තේ ඔය කියන පොලීසිය විතරමයි.
පවුකාර කමෙන් , ස්වහාව ධර්මයෙ දඬුවමෙන් මිදීමට මේ මොහොතෙත් ඔබට කල වැරදි නිවැරදි කර ගත හැකි :-
1.කෑගල්ල ස්වර්ණ ජයන්තියේ A.U.කමලනාත් ජයතිලක විසින් පහරදී කණ පැලී ශල්‍යකර්මයෙන් පසු නිවසේ හඩනා පුතා ගැන B වාර්තාවේ ශල්‍ය කර්මය නොලියා අපරාධයක් සැගවූ (ජයතිලකට සතුටින් විශ්‍රාම යන්න ඔහු නිසා ශල්‍ය කර්ම කල 2වෙනි ළමයාවත් අධිකරණයෙන් පවා සැගවූ )
කෑගල්ල පොලිස් අධිකාරි 1 කන්දෙවත්ත (පාසැලේ අංශ ප්‍රධානි ඔහුගේ බිරිඳ, නි.විදුහල්පති සමත මණ්ඩල මහතා සහ විදුහල්පතිනිය )
වහාම අධිකරණයට සත්‍ය වාර්තා කරන්න.
2.රත්නපුර ශා.ඇලෝසියස් විදුහලේදී පාසල් කාලය තුල විදුහල්පති විසින් තද බල ලිංගික අපයෝජනයට ලක්වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දන්වා ඇති “සිසුන්” ගෙන් කෙනෙක් වන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු / සා.පෙ.හොදින් සමත් ( A3 විද්‍යාව, ගණිතය , ඉංග්‍රීසි සහ B2, C4 ) ,
නීතිය ක්‍රියාත්මක කරවීමට අරඹා අද ළමයාට සැලකිලි නැති අධිකාරිය NCPA නිසා මානසිකව වැටී උ.පෙ.පවා නොකර ජීවිතය නිරපරාදෙ කඩා කප්පල් වූ අහිංසක සිසුවාගෙ ජීවිතයට තර්ජනය කරන රත්නපුර පොලීසියේ (2023 අප්‍රේල් ළමයින් අතර වූ ගුටි ඇන ගැනීමට 2023.සැප්තැම්බර් 23 දෙමව්පියන්ට නොදන්වා පොලීසියට ගෙන්වා අත් අඩංගුවට ගෙන කූඩුවට දැමූ ) ළමයාට ජීවිතය එපා කරවා නඩු විභාගය කඩා කප්පල් කිරීමට ක්‍රියාත්මක අපයෝජකයාගේ සහායක
රත්නපුර පොලිස් නිළධාරින් සහ විශේෂයෙන්ම රත්නපුර පොලීසියේ වසර 20 පමණ රැදී සිටින ආදි ඇලෝසියානු උ.පො.ප. ලක්ෂ්මන් උදයකුමාර සහ ඔහුගේ සැලැස්මට ක්‍රියාත්මක ව නිසි කල රාජකාරි නොකර අවරට වැරදි ක්‍රියා කල කා.උ.පො.ප. උත්පලා
සිසුවාට කල කෙනෙහිලි , වක්රානුකූල ජීවිත තර්ජන මකා නිවැරදි කරවන්න .
3.අම්/ දමන පන්නල්ගම විදුහල්පතිනිය විසින් අමානුෂිකව පහරදී කණ පැලූ සිසුවාව රෝහලෙන් වරුවෙන් මුදවා, පොලීසියේ සහායෙන් හෙමින්ම විශ්‍රාම ගිය නන්දනී හේරත් ට සහාය දුන් කා.පො.සැ . මණතුංග සහ ස්ථානාධිපති පො.ප. මනෝජ් හැකිනම් ක්‍රියාවලිය නිවැරදි කරවන්න . විදුහල්පතිනියට සේම අම්පාර රෝහලේ අදාල වෛද්‍යවරුන්ට නීතිය ක්‍රියාත්මක කරවන්න .
(ළමයා අධ්‍යාපනය නැවැත්වීය , කණ ආබාධිතය )
4.මාරවිල , කටුනේරියේ ග්‍රාම නිළධාරිනී ලක්ෂ්මී මධුරාවල හා හිතවත් කමට අහිංසක පියෙකුගෙන් පළි ගැනීමට අම්මාත් නැති දුප්පත් දියණියක (05) පියා දූෂණය කරනවා යැයි ගම පුරා පතුරවා , වෛද්‍ය වාර්තා ඉතා පිරිසිදුව තිබියදීත් අධිකරණය නොමග යවා , හිතවත් නීතිඥ සහායෙන් අහිංසක දියණියට පියාත් නැති කරවා ළමා නිවාස ගත කර ප්‍රීති ප්රමෝධ වූ
මාරවිල පොලීසියේ පැල් බැඳගෙන සිටිනා කා.පො.ප. S.A.S.අයිරාංගනී හා අධිකරණයේදී අවීනීතව හැසිරෙමින් ඇයට සහාය වූ මාරවිල පොලීසියේ පුෂ්පකුමාර
හැකිනම් ( කුණු ගඳ ගසනා පූර්ව අධිකරණ ක්‍රියාවලිය නිවැරදි කරවීමට දැන් ප්‍රමාද හෙයින් ) ඒ අහිංසක ළමයාගෙ තැළුණු මනසට සහන දීමට අඩුම තරමේ පොඩි එකීට නත්තල තාත්තා හා ගෙවීමට ක්‍රියා කරන්න . අමතක කරන්න එපා නුඹලාගේ පහත් ක්‍රියා කලාපය නිසා දැරියගෙ අත් අම්මා කටුනේරිය පල්ලිය අවට උමතුවෙන් ඇවිදිමින් පිස්සුවෙන් හිඟා කන බව. මිණිපිරී…මිණිපිරී… විලාප දෙමින් පපුවට ගසාගත් ඒ වේදනාවට අද ඇය මහ පාරේ. ඇය මියගිය දාට ඇගේ හඬ නුඹලාගෙ දෙසවනේ , අවට පරිසරේ රැව් දේවි “මගේ මිණිපිරී….මගෙ පපුව..පැලෙයි “
5.ජා ඇල විනාශකාරි මවට සහ මතට ලොල් පුතාට සහාය වෙමින් අහිංසක දියණියක් සහ මිණිපිරියක් (5) පාරට ඇද දැමූ , ජා ඇල ළමා හා කාන්තා අංශයේ උත්පලා සහ කාර් රථයක් පවා දියණියගෙ අයිතියෙන් සැගවීමට උපකාර කල , දියණියට මුහුණු පොතෙන් පවා අපහාස කල (ඒ නිසාම දියණිය සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කල ) පො.ප. මායා රංජන් හැකිනම් ඔබ දෙපල ඒ අහිංසකීට ඇයට නිරවුල් අයිතිය ඇති නිවසට විත් ජීවත් වීමට නීතිය ක්‍රියාත්මක කරවන්න . ඔන්න මේ මොහොතේ අදාල මව ඇයගේ පෙම්වතෙක් සමග බොහෝවිට පිට තැනක ජීවත් වෙන බව කියැවේ.
6.පානම – අම්පාර /පානම විදුහලේ කිරුබරාජා විජයරානි විසින් දරුණු ලෙස පහර දී කණ පැලූ / නහයෙන් පවා ලේ වැටුණු අහිංසක ගැහැණු ළමයා (5)
මේ වන විට පහර / කම්පනය හේතුවෙන් මතකයෙන් කොටසක් අහිමිවී පාසැල් ගමනක් පවා නොමැතිව අසරණව , පදිංචියෙන් පවා ඉවත් වී , බියවී සිටී.
නිසි නීතිය නොකෙරු පානම පොලිස් නිළධාරින් ,
රජයේ චක්‍ර ලේඛයට පවා එරෙහිව 1පංතියෙ සිටි ගුරුවරියව “අතිරික්ත” ලියා පිට කර ඇයගේ නෑදෑ කිරුබරාජා විජයරානි ව පාසලට ගෙන්වූ විදුහල්පතිනිය අසෝකා නන්දනී ට සේම අම්පාර රෝහලේ අදාල වෛද්‍ය නිළධාරින්ට නීතිය ක්‍රියාත්මක කරවන්න .
7.නෝර්වුඩ් . St John Tillary Tamil විද්‍යාලයේ ගුරු SADEESH KUMAARA සදීශ් කුමාර විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති ගැහැණු ළමයාට (08) සේම ඔහුගේ නිවසේ ඔහුගේ ටියුෂන් පංති ගිය අනෙක් ගැහැණු ළමයින් 14 (?) පරීක්ෂණවලට යොමු කරවා ඔහුගේ සැබෑ තොරතුරු සොයා ගෙන සේම අනෙක් ළමයින් මුදවා ගන්න. වැඩිවියට පත් වූවා යැයි සිතුවද එසේ නොවුණු , යමක් වැටහී ප්‍රදේශයෙන් පවා පලා ගිය දෙමවුපියන්ගේ සිගිති දුවට මාස 8 පසුව සමාජ රෝගයක් බව වෛද්‍යවරුන් දැනගෙන පොලීසියට දැන්වීමට පෙර 2023 ජනවාරියේ වෙනත් ළමයෙකුගේ අපයෝජන පැමිණිල්ල අවස්ථාවේ සියළු ළමයින් පරීක්ෂා නොකල ළමා හා කාන්තා අංශයේ නිළධාරින්ට නීතිය කරවන්න.
8.පුස්සැල්ලාවෙ පොඩි සාදුට (8) කෲර වධ හිංසාව කල අනෙකුත් ළමයින් සහ භාර කරුට කිසිම නීති කටයුත්තක් නොකල හිතා මතා අපරාධය සැගවූ , පුස්සැල්ලාව ස්ථානාධිපතිවරයා සහ ගම්පොල කොට්ඨාශ බාර ස්ථානාධිපතිවරිය , හැකි නම් ඔබෙ කුණු ගෑවුණු අත් පිරිසිදු කරවා ගැනීමට අහිංසක පොඩි සාදුට සාධාරණය කරන්න. අවසන වැඩ හිටි පංසලේ ලොකු සාදුට “ඔය නඩු භාණ්ඩයක් ” යැයි වින්දිත හාමුදුරුවන්ව නම් කර දු.ක.ඇමතුම් ලබා දුන් පොලිස් නිළධාරිනිය , මුර සංචාර නිළධාරියා සහ ග්‍රාම නිළධාරියාට නීතිය කරවන්න.
ඉහතට අමතරව තවත් අවස්ථා ඇත. නමුත් ඉදිරියේදී නිවසේ තම ආදරනීයයන් සමගින් සාමයෙන් විශ්‍රාම ගෙවීමට නම් අඩුම තරමේ ඉහත වැරදි ක්‍රියා නිවැරදි කරවන්න , පොලීසියේ කීර්ති නාමයද රැක ගන්න.
ඉහත සෑම අනීතික ක්‍රියාවකම විශාලතම අපරාධය කර ඇත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බව පැහැදිලිවම අපි දනිමු. ළමයින් රැකීමට වැටුප් ලබමින් , ළමයින් විනාශ මුඛයට ඇද දැමීමට ඉඩ හරින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අදාල නිළධාරින්ට වෙනම තැනක් ස්වභාව ධර්මය නිර්මාණය කරනු නොඅනුමානය.
ඔක්තෝබර් 01 පිබිදෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය , ලක් මෑණියන්ට විනයක්මය.
( උපුටා ගැනීම = එක්සත් මානව හිමිකම් සංවිධානයේ මුහුණු පොතෙනි).














































