“පිටි මිල අඩු කළද බේකරි කෑම මිල අඩුවන්නේ නෑ” – බේකරි හිමියන්

පිටි මිල රුපියල් දහයකින් අඩු කලද පාන් බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ගණන් අඩු කිරිමට නොහැකි
තත්ත්වයක් පවතින බව බේකරි හා හෝටල් හිමියන් කිපදෙනකුම පවසති.

පිටි මිල අඩු විමත් සමග එහි වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව හැටන් නගරයේ බේකරි හා හෝටල් හිමියන් කිහිප දෙනකුගෙන්ම කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම කිප දෙනා පවසන ලද්දේ පිටි කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කලද පාන් බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ගණන් අඩු කිරිමට නොහැකි තත්ත්වයක් පවතින බවත්ය.

විදුලි බිල ,කඩ කුලි ,සේවක පඩි, ප්‍රවාහන වියදම් ආදිය ඉහළ
යාමත් සමග රුපියල් දහයකින් පිටි මිල අඩු කිරිමේ වාසිය මෙසේ ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් පවසති.

මෙම තත්ත්වයන් පිළිබඳව ප්‍රදේශයේ පාරිභෝගිකයන් කිහිප දෙනෙකුම පවසන්නේ පිටි මිල රුපියල් දහයකින් අඩු කල විට පාන් බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල අඩු නොකලද
යම් හෙයකින් පිටි මිල රුපියල් දහයකින් වැඩි කලේ නම් එසේ මිල වැඩි කල සැනින් මෙම පිරිස් අඩු කරමින් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් හා බනිස් ඇතුළු කෙටි කෑම
වර්ග මිලද රුපියල් පහකින් හෝ වැඩි කිරිමට පියවර ගන්නා බවත්ය.

මෙම වෙළදුන් තුල පවතින වෙළද මාෆියාව හේතුවෙන් රජයෙන් ලබා දෙන සුලු සහනයන් හෝ පාරිභෝගික
ජනතාවට නිසි ලෙස නොලැබෙන බවත් මෙම තත්ත්වයන්
පිළිබඳවද රජය දැඩි අවදානයක් යොමු කළ යුතු බවද එම පාරිභෝගික පිරිස වැඩිදුරටත් පවසති.

Exit mobile version