අදත් කාර්‍යාල දුම්රිය රැසක් අවලංගුයි.

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද (05) උදෑසන කාර්යාල දුම්රිය රැසක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එම දෙපර්තම්නේතුව පැවසුවේ සෙසු දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි.

දුම්රිය නියාමකවරයකු සහ ආරක්ෂකයකු අතර දුම්වැටියක් සම්බන්ධයෙන් මතුවූ ආරවුලක් දුරදිගයාමෙන් ආරම්භ කළ වර්ජනයක් නිසා කාර්යාල දුම්රිය ගමන්වාර 78 නතර කිරීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ (04) දැඩි අසීරුතාවට පත් වුණි.

මාලිගාවත්ත දුම්රිය ධාවනාගාරයේ දුම්රියක් භාර ගැනීමට ගිය නියාමකවරයකු දුම්වැටියක් දල්වා ගනිමින් අංගණයට ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ දුම්රිය අංගණයේ ආරක්ෂාවට සිටි දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියකු තමුන් කොහේද යන්නේ යැයි විමසා තිබේ.

එහිදීදෙදෙනා අතර වූ බහින්බස් වීම පසුව ගුටිබැට හුවමාරුවක් වී ඇති අතර එම සිද්ධිය මුල් කරගනිමින් නියාමකවරු ඊයේ (04) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කළහ.

Exit mobile version