හැම අලි ඇතෙක්ම රජය සතුයි – නොයෙක් දෙනාගේ මට්ටම් මැනීමේ ඒකකයක් නොවෙයි – ජාතික සංඝ සම්මේලනය කියයි.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සාසනරතන හිමි සඳහන් කරන්නේ සියලුම සතුන් රජය සතු විය යුතු බවත් , ඔවුන් එක එක්කෙනාගේ මට්ටම් මැනීමේ ඒකකයක් නොවිය යුතු බවත් ය.

මහනුවර දී මාධ්‍යවේදීන් අමතමින් උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කරන්නේ මුතු රජා හස්තියා පිළිබඳ සිදුවීමෙන් මෙරටට කෙතරම් හානියක් සිදු වුණාද , සත්ත්ව හිංසාවක් සිදු වුණාද , නැද්ද යන්න අරමුණක් බවට පත් කරගනිමින් මින් ඉදිරියට එවැනි ප්‍රවෘත්ති , දෝෂාරෝපණ රටට එල්ල නොවෙන ආකාරයේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවත් , වගකිවයුත්තන් මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් , අලි ඇතුන් හීලෑ කරමින් ඒවා භාරව කටයුතු කරනු ලබන ආයතනවලට සාකච්ඡාවක් කැඳවා , ඇතුන් යම් කිසි ස්ථානයකට රැගෙන ගොස් එම ස්ථානය පුනුරුත්ථාපන කඳවුරක් බවට පත්කර , ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආදරය කරුණාව ලබා දෙමින් ඔවුන් රැක ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ය.

Exit mobile version