කෝටි හතරක කුඩු සමඟ හිටපු කොස්තාපල් දැලේ.

 රුපියල් කෝටි හතරක පමණ වටිනාකමකින් යුතු  හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 95 ක් සමඟ වැඩ තහනමට  ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු  සහ තවත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ මාතලේ නගර සභා පිට්ටනියේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා මෙම හිටපු ආධුනික පොලිස් කොස්තාපල්වරයා හෙරෝයින් කිලෝ 3ග්‍රෑම් 75 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version