නිදන් හෑරූ එස්.ටී.එෆ්. නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට.

වනාතවිල්ලුව පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේ ලැක්ටෝ වත්ත නම් ඉඩමෙහි පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ඉඩමෙහි නිධානයක් ගොඩ දැමීම සඳහා කැණීම් කටයුතු සිඳු කරමින් සිටි පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කොස්තාපල්වරු දෙදෙනෙකු අද (19) අලුයම 5 .00 ට පමණ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම වැටලීම සිඳු කරන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි යකැදුරෙකු පලා ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා මෙම කදවුරේම සේවය කරන නිලධාරීන් දෙදෙනෙකි.

මෙම ලැක්ටෝ වත්ත නම් ඉඩමෙහි මීට වසර හතරකට පමණ පෙර අන්තවාදී කණ්ඩායම් විසින් වල දමා තිබියදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර ඉන් පසුව මෙම ඉඩමෙහි පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුරක් ස්ථාපනය කර තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version