කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් මීට මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් අද (29) බෙදා දී ඇති බව එම ත්‍රී පෝෂ ලබා ගත් මවුවරු පිරිසක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කල් ඉකුත් වූ ත්‍රිපෝෂ බෙදා දුන් බව පැවසෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් විමසීමේ දී ඇය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ත්‍රිපෝෂ මාරු කර දීමට එළඹෙන බ්‍රහස්පතින්දා රැගෙන එන ලෙසටයි.
එමෙන්ම එම මව්වරුන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ වයස අවුරුද 3 සිට 5 දක්වා වූ අඩු බර දරුවන්ට මෙසේ ත්‍රිපෝෂ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කර ඇති අතර එසේ සුදුසුකම් ලත් එක් දරුවෙකුට ත්‍රිපෝෂ පැකට් දෙක බැඟින් නිකුත් කරන බවයි.
මේ සම්බන්ධයෙන් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසු විට එහි ප්‍රකාශිකාවක ප්‍රකාශ කර ඇත්තේ ,
“ මෙය වැරදීමකින් සිදුවූ දෙයක්. ඒ පිළිබඳව කනගාටුව පළ කරනවා. බෙදා දුන් සැනින් කල් ඉකුත් වූ බවට දැනගැනීමට ලැබීම ලොකු දෙයක්අප මේ මොහොතේ දීම එදින ත්‍රිපෝෂ බෙදා දුන් නිවෙස්වලට දන්වා ඒවා මාරු කර අලුත් ත්‍රිපෝෂ ලබා දීමටත් පියවර ගන්නවා. එය මුද්‍රණ දෝෂයක් ද නැතහොත් පැරණි ත්‍රීපෝෂ ද යන්න සොයා බලන්නම්. “
