අර්තාපල් බද්ධ දීර්ඝ කරයි.

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.

ආනයනික අර්තාපල් සඳහා මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

අදාළ බදු පැනවීම මාස 06ක කාලයක් සඳහා සිදු කර තිබූ අතර එය තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Exit mobile version