මගී ප්‍රවාහන අවසර පත්‍රය නොමැතිව ධාවනය වන මගී බස් රථ සොයා සිදු කරන වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (11) දින තුළ පමණක් මගී ප්‍රවාහන අවසර පත්‍ර නොමැතිව කොළඹ සිට මඩකලපුව , යාපනය හා මන්නාරම බලා ධාවනය වූ බස් රථ හතරක් සිය භාරයට ගත් බවත් , වැටලීම් කටයුතු සඳහා කණ්ඩායම් හතරක් අනුයුක්ත කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කර තිබේ.