වැරදුනු ලක්ෂ 10 යේ කප්පම.

රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ තිදෙනෙකු කටාන පොලීසියේ නිලධාරීන් විසින් කරන ලද මෙහෙයුමකදී  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඒ එම සැකකරුවන් විසින් රූමත් තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප මුහුණු පොත හරහා මුදාහරිමින් පුද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් රවටා ඔහුගෙන් මෙම කප්පම ගැනීමට යාමේදීය.

මෙම සැකකරුවන් තෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් මුලින්ම කාන්තාවක් ලෙස පෙනී සිටිමින් අදාළ නිලධාරියා නොමග යවා ඔහුව සැකකරුවන්ගේ ග්‍රහණයට හසුකොට ගෙන සැකකරුවන් විසින් ඔහුගේ අඩනිරුවත් චායාරුප ගෙන්වාගෙන තිබේ.

එම අඩනිරුවත් චායාරූප අදාළ නිලධාරියාගේ බිරිදට, දරුවන්ට හා හිතවතුන් හට යවනවා යැයි කියා එම නිලධාරියා බියගන්වා රුපියල් ලක්ෂ 10 කප්පමක් ඉල්ලා තිබේ.

 නිලධාරියා විසින් පළමුව ඉන් රුපියල් 50000 ක් ලබා දී ඉතිරි මුදල පසුව ලබාදීමට එකග කරවාගෙන තිබේ.

අදාළ නිලධාරියා විසින් මේබව පොලිසියට දන්වා ඉතිරි මුදල දීමට ඔහුන්ව ගෙන්වා ඇති අතර එලෙස පැමිණි මොහොතේ පොලිසිය විසින් ඔහුන් තිදෙනා අත්අඩංගුවට ගෙනතිබේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටාන පොලිසිය සිදුකරනු ලබයි.

Exit mobile version