අධික රස්නය දරුවන්ට අහිතකරයි – අවධානයෙන් පසුවන්න.

මෙරට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන්ට මෙන්ම සතුන්ටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.මෙලෙස දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග දරුවන්ට අපහසුතාවයන් ඇතිවන බවට කොළඹ රිඡ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ හේතුවෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබා දෙන ලෙසට වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

විජලනය වළක්වා ගැනීම සදහා වැදගත් වන කුරුම්බා වතුර,දෙහි,දොඩම්,නාරං,දෙළුම්,කැද ආදී දෑ පානය කිරීම වැදගත් වන බව සදහන් කර තිබේ.

අධික රස්නය හේතුවෙන් හිසරදය ,වමනය,නින්ද නොයෑම, ඇතැමුන්ට අධික නිදිමත ගතිය මෙන්ම ආහාර රුචිය අඩුවීමද දැකිය හැකි බව සදහන්.

වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජලය පානය නොකර දරුවන් පාසල් යාමෙන් සෙල්ලම් කිරීමෙන් සහ පාරේ ඇවිදීමෙන් ඔවුන්ට විජලන තත්ත්වයන් හා තාප කම්පන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවයි.

මෙවැනි උෂ්ණාධික තත්ත්වයක් යටතේ දරුවන්ට සමේ රෝග වැඩිවීමද දක්නට ලැබෙන බව සදහන්.

දරුවන් දවසකට දෙවරක් හෝ නෑවීම වැදගත් බවද වෛද්‍යවරයා සදහන් කර තිබේ.

Exit mobile version