අක්ෂි රෝහලේ කාච තියෙනවා – ශල්‍ය කර්ම සාමාන්‍ය පරිදි.

ජාතික අක්ෂි රෝහල ප්‍රමුඛ රට පුරා අක්ෂි ඒකක ගණනාවක අක්ෂි කාච හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශව විසින් සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත් , අදාළ රෝහල්වල අක්ෂි ශල්‍ය කර්ම සාමාන්‍ය පරිදි සිදුවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ මේ අතර පවතින අක්ෂි කාච තොග අනුවත් ඉදිරියට ඇණවුම් කර ඇති තොග අනුවත් කිසිසේත් අක්ෂි කාච හිඟයක් ඇති නොවන බවයි.

Exit mobile version