ව්‍යාජ වීසා ලබාදෙන්නකු අත්අඩංගුවට.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ව්‍යාජව සකසා විසා ලබාදෙන්නකු මහනුවර වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ.

සැකකරු විසින් මහනුවර පිහිටි වීසා ආයතනයක විස්තර ව්‍යාජව  සදහන් කොට වෙබ් අඩවියක් සකසා කලක් පුරා මෙම ජාවාරමේ නිරතව ඇති බව සදහන් වේ.

සැකකරු පන්විල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර මොහු වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ලියකියවිලි සැකසීමට යොදා ගන්නා ලද  ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් සමග බව සදහන් වේ.

සැකකරු කොළඹ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 4 දින දක්වා බන්ධනාගාරගතකොට තිබේ.

Exit mobile version