අනියම් පෙම කළකිරී ගෙල වැළලාගෙන.

අනියම් බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත් වූ පුද්ගලයකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගැනීමේ පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 51 හැවිරිදි උල්පත, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පවසන්නේ අනියම් බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇයගේ නිවස අසලට ගොස් මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි.

Exit mobile version