බාලවයස්කාර පිරිමි දරුවකුට ලිංගික අතවර සිදු කිරීමට ගිය විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු එරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් තුළදී මෙලෙස අතවර කිරීමට තැත් කළ බවට ලද පැමිණිල්ලක් මත එරාවුර් පොලිසිය විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 61 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (06) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
