අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී නිවෙස බලා ගිය 17 හැවිරිදි සිසුවියකට ඊයේ (8) සවස ඇගේ පෙම්වතා විසින් දැන්පිටිගම ප්‍රදේශයේ අතුරු මාවතකදී පිහියකින් ඇන තුවාල සිදු කර ඇති බව වාර්තා වේ.
දෙදෙනා අතර වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පිහිඇනුම සිදුවී ඇති අතර සිසුවිය මේ වන විට ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
පිහියෙන් ඇන පලාගිය තරුණයා සොයා වෙලම්බොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.
