ගොවීන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ – මහින්ද අමරවීර .

මෙවර යල කන්නයේ සිදු වූ කාලගුණික වෙනස්කම් හේතුවෙන් වගා හානියට පත් වූ ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

පසුගිය දිනවල තංගල්ල ප්‍රදේශයට ඇද හැලුණු මහා වර්ෂාව නිසා අස්වනු නෙලා ගැනීමට ආසන්නව තිබු කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබු අතර තංගලු වෙල්යායේ මෙම කුඹුරු දැක ගැනීමට අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව සදහන් .

එමෙන්න එහිදී හානියට පත් කුඹුරු ගොවීන් සමග ද අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වන ලදී.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කරන ලද්දේ වර්ෂාව නොලැබීම මෙන්ම එක්වරම රටට ඇද හැලුනු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාව ගැන පූර්ව අනාවැකි කීමට මෙරට කාලගුණික අංශවලට නොහැකි වූ බවත් , නිසි කලට වේලාවට වගා ආරම්භ කරන ලෙසට සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.

එමෙන්ම මීළඟ යල කන්නයේ දී දැඩි නියඟයකට මුහුණු පාන්නට සිදුවනු ඇතැයි කාලණිගුක අංශ අවධාරණය කළත් , ඇතැම් විට එළැඹෙන මහ කන්නයටත් වඩා මහා වර්ෂාපතනයක් යල කන්නයේ ලැබීමට ඉඩකඩ තිබෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version