එක පෙළට සිදුවන මාරක බස් රථ අනතුරු.

2023 වසරේ මේ දක්වා මාරක බස් රථ අනතුරු 137ක් සිදුවී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ඒ මහතා පවසා සිටියේ, පසුගිය ජුලි 10 වනදා වනවිට මාරක රිය අනතුරු 1,135ක් සිදුවී ඇති අතර පුද්ගලයින් 1,202ක් මිය ගොස් ඇති බවයි.

මීට අමතරව බරපතළ තුවාල ලැබූ අනතුරු 2,088ක් සහ සුළු තුවාල ලැබූ අනතුරු 4,450ක් ද සිදුවී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version