පිය පුතු කොස්තාපල්ට පහර දීලා.

පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තුවාල සිදු කළ පිය පුතු දෙපලක් හම්බන්තොට වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

හම්බන්තොට වරාය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මැඩිල්ල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙලෙස පහර දීම සිදු වී ඇති බව සදහන් .

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version