රාජකාරී නිමවා එද්දී පිය පුතු සැරයන්ට පහර දීලා.

රාජකාරී නිමවා නිවසකරා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකුට පිය පුතු යුවළක් පහරදී ඇති අතර තුවාල ලැබූ සැරයන්වරයා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ .

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී කාර්යාල 3 ට අනූයුක්තව රාජකාරි කරන කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙකි.

වාර්තා වන ආකාරයට කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි පියපුතු දෙපළක් විසින් කළුතර ගල්පොත්ත හන්දිය ආසන්නයේදී පහරදීම සිදුකර ඇති අතර පොලීසිය පවසන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පහරකෑමට ලක්වූ සැරයන්වරයා කළුතර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ .

Exit mobile version