රිදීමාලියද්ද යකහඋල්පත ප්‍රදේශයේ වැසිකිළි වලක සඟවා තිබූ කාන්තා මළ සිරුරක් අද (01) දින ගොඩගත් බව වාර්තා වේ.
ඒ මහියංගණය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීය.
මීට දෙදිනකට පෙර අත්අඩංගුවට ගත් පිය පුතු දෙපළක් සිදුකළ පාපොච්චාරණයකට අනුව මෙම මළ සිරුර ගොඩගෙන ඇති බව සදහන්.
එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව ඝාතනය කර මෙලෙස වැසිකිළි වළක සඟවා ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් වන අතර මෙම ඝාතනය සිදුව ඇත්තේ 2021 වසරේදී බව සදහන්.
