මැදවච්චිය , කනදරා , දිවුල්වැව ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී තරුණයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට මරණකරුගේ පියා හා වැඩිමහල් සහෝදරයා සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබේ .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය , කනදරා දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් පියා සහ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 50 සහ 27 යන වයස්වල පසුවන්නන් ය.
