පරෙවියා ඉල්ලන්න ආ අයෙකුට පිය පුතුගෙන් මන්න පහරක්.

අද (27) දහවල් පානදුර ප්‍රදේශයේ පරවියෙකු සම්බන්ධ ආරවුලක් දුරදිග යෑමෙන් පිය පුතු දෙපළක් එක්වී පුද්ගලයෙකුගේ දෑත්වලට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වේ .

පානදුර පහන්ගම ප්‍රදේශයේ ගල් වත්තේගෙදර නිමල්සිරි නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු විසින් අනුර ජයලත් නමැති අයෙකුගේ පරවියෙකු අල්ලාගෙන ඇති අතර එම පරවියා ඉල්ලා ගැනීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී අනුර ජයලත් නමැති 54 හැවිරිදි පුද්ගලයාට මෙලෙස මන්නා පිහියකින් පහරදී ඇති අතර
එම පහරදීමට නිමල්සිරි සහ ඔහුගේ පුත් 27 හැවිරිදි නදුන් මධුශංක යන පුද්ගලයා ද සම්බන්ධවී තිබේ .

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව බරපතළ කැපුම් තුවාල සහිත පුද්ගලයාව රෝහල්ගත කර ඇති අතර
පානදුර රෝහලට ඇතුළත් කෙරුණු එම පුද්ගලයාව පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන් .

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පානදුර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version