ඊයේ (24) හොරණ , මල්බෙරිවත්ත ප්‍රදේශයේ දී පියාට පහර දී බරපතළ තුවාල සිදු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා අධික ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින අයෙක් වන අතර ඔහු බීමතින් පැමිණ සැකකාර පුතු සමඟ ඇති කරගත් ගැටුමකදී පුත්‍රයා විසින් මෙලෙස පියාට පොල්ලකින් පහර දී තිබේ.
සැකකාර පුත්‍රයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මොරගහහේන පොලිසිය විසින් සිදු කරනු ලබයි.