දියණියගේ පහර කෑමට ලක් වූ පියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගොස් ඇති බවට කලවංචිකුඩි පොලිසිය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුදාවලී ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි අයෙකි.
බීමත්ව පැමිණ ඇති මෙම පුද්ගලයාට සිය දියණිය සමග ඇති වූ ආරවුලකදී දියණිය විසින් පොල්ලකින් පහර දී ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් තිස් හත් හැවිරිදි දියණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
