අනවසර විදුලි රැහැනට තිදරු පියා බිලි.

දිගන්නෑව ,හුදලියාව ප්‍රදේශයේ අන්සතු කොමඩු ගොවිපලකට ඇතුළු වූ පුද්ගලයෙකු ,එහි ඇද තිබූ  අනවසර විදුලි රැහැනක පැටලී  අද (15 ) පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කැලේගම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි  හැට හතර වියැති ,ඩබ්.ඩබ්.කරුණාදාස නැමැත්තෙකි.

තම කුඹුරට ගොස් ආපසු එම්න්  සිටියදී අතරමග පිහිටි මෙම කොමඩු වගා බිමට ඇතුළු වීමෙන් පසු ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව සදහන්.

Exit mobile version