බඹර ප්‍රහාරයකින් දෙදරු පියා මරුට.

නොරෝච්චෝල නිර්මලපුර දළුව ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකට ලක්වූ දෙදරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ දළුව නිර්මලපුර පදිංචි දෙදරු පියෙකු වු ඒ නෙවිල් ප්‍රනාන්දු නැමැත්තෙකි.

තම සොහොයුරාගෙ ඉඩමේ රැදි සිටියදී මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවත් බඹරුන් 500 ක පමණ වටකර ගනිමින් දෂ්ඨ කර ඇති බවද ඥාතිහු  පවසති.
 

Exit mobile version