ඊයේ (14) දින තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගයේ කොහොඹගහපැළැස්ස ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අසේල ඉන්ද්‍රජිත් නැමැති 47 හැවිරිදි දෙදරු පියෙක් බව පොලීසිය පවසයි.
එම අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය මාර්ගයේ සිටි මී ගවයෙකුගේ ගැටී ඉදිරියෙන් පැමිණි බස් රථයේ වැදීමෙනි.
මාර්ගයේ සිටි හරකුන්ගේ අයිතිකරුට හිමි ත්‍රිරෝද රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බව හා එහි කිරි ප්‍රවාහනය කරමින් ඇති බව සදහන්වේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
