එක්දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (31)ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇති බවට වාර්තා වේ.
2014 වසරේ මැයි මස 17 වනදා කොළඹ තොටලග ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 2.53 ක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර විත්තිකරුට එරෙහිව එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සදහන් කළේය.
විත්තිකරුට පෙර වැරදි පවතින බවට අධිකරණයට වාර්තා කර තිබූ අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව 43 හැවිරිදි විත්තිකරුට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබුණි.
