ෆවුසි සජබයෙන් එළියට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා දීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කළ බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) විපක්ෂ නායක කාර්‍යාලයේදී එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර එම අවස්ථාවේදී මෙම තීරණය ගත් බව සඳහන්.

එමෙන්ම මේ  සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමට කෘත්‍යාධි මණ්ඩලය ඒකමතිකව තීරණයට එළඹී ඇති බව වාර්තා වේ.

Exit mobile version