නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ විහාරස්ථානයක බඹර කූඩු විශාල ප්‍රමාණයක් බැද ඇති අතර එම තත්ත්වයන් මත මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන විදෙස් සංචාරකයන් මෙන්ම ඒ අවට පිරිස්ද විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත.
මෙහි බුදු පිලිමයේ මෙන්ම බුදු මැදුරේ විවිධ ස්ථානවල මෙම බඹර කුඩු බැද ඇති අතර එහි සිටින බඹරුන් කොයි මොහොකදි හෝ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන පිරිස් හා තමන් වෙත පහර දෙනු ඇතැයි ශ්‍රිපාද වන්දනාවේ පැමිණෙන පිරිස් මෙන්ම ඒ අවට පිරිස්ද බියකට පත්ව ඇත.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන එම විහාරස්ථානය අවට පිරිස් පවසනුයේ මෙම විහාරස්ථානයේ මේ වන විට බඹර කුඩු විශාල ප්‍රමාණයක් තිබෙන බවත් , මෙහි සිටින බඹරුන්ගෙන් තමන්ට කොයි මොහොතකදි හෝ ප්‍රහාරයන් එල්ල වෙතැයි දැඩි බියක් පවතින බවත් ය.
මේ වන විට ශ්‍රිපාදය වන්දනා කිරිමට විදෙස් සංචාරකයන් කාණ්ඩ වශයෙන් පැමිණෙමින් සිටින බවත් , එම විදෙස් සංචාරකයන්ට මෙම බඹරුන්ගෙන් යම් ප්‍රහාරයක් එල්ලවුවහොත් එය මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයටද යම් බාධාවක් එල්ලවිමේ අවදානමක් පවතින බවත් එම පිරිස් පවසති.
මෙම තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර මෙම බඹර කූඩු ඉවත් කිරිමට අදාල බලධාරින් පියවර ගන්නේ නම් එය තමන්ට මෙන්ම ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන සියලුම වන්දනාකරුවන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
