හරිතාගාරයක සරුවට ගංජා .

හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 28 වන දින සෙවනගල ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ ඉතා සූක්ෂම ලෙස හරිතාගාරයක් තුළ සරුවට ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම සැකකරු කැනබිස් සැටැයිවා එල් නොහොත් ගංජා බලපත්‍ර නොමැතිව නිවසක ඉහළ කොටසේ ආවරණය කරන ලද හරිතාගාර කුටියක් තුළ මෙලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙවනගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සෙවනගල පොලීසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version