බදු ගැටලු විසඳන හැටි මුදල් ඇමති කියයි.

බදු අය කිරීමේදී මතු වන නෛතික ගැටළු කඩිනමින් විසඳීම සඳහා අලුත් අධිකරණයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සඳහා විශේෂ යෝජනා මාලාවක් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

විවිධ නීතිමය ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගෙන් බදු අය කිරීමට විවිධ බාධා මතුව ඇතැයි වාර්තා වේ.

( ලංකාදීප )

Exit mobile version