වැලිගම සහ වැලිපිටිය ප්‍රදේශවල ජනතාවට මුදල් ආධාර.

වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජීවත් වන පියා අහිමි සහ පූර්ණකාලීන ආබාධ සහිත දරුවන් , කුඩා කාලයේ සිට විවිධ ආබාධ සහිත දරුවන් ,ඉගෙනීමට දස්කම් දක්වන එහෙත් ආර්ථික අපහසුතා ඇති දරුවන් සඳහා මෙන්ම අඩු ආදායම් ලාභී පවුල් අතරේ සංචාරක ව්‍යාපාරිකයෙකු විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් බෙදා දීමට කටයුතු කළ බව වාර්තා වේ.

මෙම වැඩසටහන සුනාමි ව්‍යවසනයත් සමඟ ආරම්භ වූ වැඩසටහන්කි. එමෙන්ම සෑම මසකම ක්‍රියාත්මක කරන අතර , 2023 වර්ෂයට අදාළ මුදල් ලබා දීම පෙරවරුවේ සිදු කළ බව වාර්තා කරයි.

මෙම ආධාර මුදල් වලින් වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වන එක් දරුවෙකු වෙනුවෙන් මාසිකව රුපියල් පන්දහස බැඟින් ද , උසස් අධ්‍යාපනය ලබන දරුවෙකු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් එක්ලක්ෂ අසූ දහසක මුදලක් ද ලබා දීමට කටයුතු කළ බව සදහන්.

Exit mobile version