පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමයේ මරදානේ පිහිටි සුභ සාධක වෙළඳසැල තුල සිදු වූ බව කියන මුදල් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කොත්මලේ ප්‍රදේශයේ වෙළඳසැලක බිල්පත් උපයෝගී කරගෙන කොළඹ ප්‍රදේශයේ වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ඒ සම්බන්ධව ද අවධානය යොමු වී ඇති අතර එයටද විමර්ශන සිදුකරන බව සදහන්.
එලෙස වෙළඳසැලට ලබාගත් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු භාණ්ඩ තොගයක් කල් ඉකුත් වී ඇති අතර ඒවා මේ වන විට බෑග් වල අසුරා තිබෙන බවට ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ සම්බන්ධවද වෙනම විමර්ශනයක් සිදු කිරීමට මේ වන විට පොලිස් කනිෂ්ඨ නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවට එම සංගමයේ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
