මහවිල මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවෙස් හිමි කාන්තාවගේ ගෙලට තියුණු ආයුධයක් තබා ඝාතනය කරන ලෙසට බියවද්දා රුපියල් 75,000ක මුදලක් කොල්ලකා පළාගිය දිනේෂ් මංජු හේමසිරි නොහොත් “ ඇඟිල්ලා “ නැමැත්තා අලුබෝමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමන් දීර්ඝ කලක් තිස්සේ හඳුනන මෙම දිනේෂ් මංජු හේමසිරි නොහොත් “ ඇගිල්ලා” නැමැත්තා නිවස ඉදිරිපිට සිටින බව දුටු නිසා නිවසේ දොර විවෘත කර බැලූ බවයි.
එම අවස්ථාවේ තම නිවස තුළට එකවරම මෙම සැකකරු කඩා වැදුණු බවත් , තම ගෙලට පිහියක් තබා බියගන්වා මුදල් රැගෙන පලා ගිය බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
