සෞඛ්‍ය නිලධාරින්ට ඇඟිලි සලකුණු අනිවාර්‍ය කරලා.

අගෝස්තු පළමුවනදා පටන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සිය දෛනික පැමිණීම සහ පිටවීම සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍රයක් භාවිතා කිරීම අනිවාර්‍ය කර ඇති බව වාර්තා වේ .

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගිතාමනී සී.කරුණාරත්න ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය සියලු අතිරේක ලේකම්වරුන් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සියලු ප්‍රධාන මූල්‍ය නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන බව සඳහන් වේ .

Exit mobile version