ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ ඊයේ (30) පස්වරුවේ කිසියම් පුද්ගලයෙක් හෝ කාණ්ඩායමක් විසින් තබන ලද ගින්නකින් රක්ෂිතයේ විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙන බව වාර්තා වේ .
ඊයේ (30) පස්වරුවේ මෙම ගිනි තැබිම සිදුකර ඇති බවත් , රාත්‍රිය පුරාම ගින්න විශාල ලෙස පැතිර යමින් තිබු බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.
ගින්න නිවා දැමිම සඳහා අද (31) පෙරවරුවේ අදාල අංශ පැමිණ සිටියත් ඒවන විටත් ගින්නේ විශාල ප්‍රදේශයක් විනාශ වී තිබූ බවත් , ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණය සහ අධික සුළඟ හේතුවෙන් සීඝ්‍ර ලෙස ගින්න පැතිර ගොස් ඇති බවත් සඳහන් වේ.
නකල්ස් රක්ෂිතය සෑම වසරකම මෙම නියං සමයේදි වගකිමක් නැති පිරිස් විසින් වියළී ගිය මානා හා ෆයිනස් වගාවන් සහිත රක්ෂිත ප්‍රදේශ ගිනි තැබිම සිදුකරන බවත් , අදාළ බලධාරින් මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම ක්‍රමානුකූල වැඩපිලිවෙලක් සකසා තිබුනේනම් මේ ආකාරයෙන් නකල්ස් රක්ෂිතය විනාශවී යාමට ඉඩ නොමැති බවත් ,
මෙම මාසයේ මුල්දින කිහිපයේ සිට නකල්ස් රක්ෂිතය ස්ථාන කිපයකින්ම ගිනි තබා විනාශකර ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙන බව වාර්තා වේ .
