වෙළඳසැලක් ගිනිබත් වෙයි.

අක්මීමන තලගහ දෙහිදුව ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට අද (13) අළුයම කිසියම් අයකු විසින් ගිනි තබා ඇති අතර වෙළඳසැල ගිනි ගැනීමෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ .

මෙම ගොඩනැගිල්ල බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට අයත් එකක් වන අතර ඔහු කුලිපදනම මත මෙම ගොඩනැගිල්ල නෙළුව කළුබෝවිටියන ප්‍රදේශයේ පුද්ගලයකු වෙත ලබා දී තිබේ . අද (13) අළුයම යතුරුපැදියකින් දෙදෙනෙකු මෙම වෙළඳසැලට පැමිණ ඇති අතර යතුරුපැදියේ පිටුපස වාඩිවි සිටි පුද්ගලයා වෙළඳසැළේ ඉබි යතුරු කඩාබිද දමා වෙළඳසැලට ඇතුල්වී පෙට්‍රල් දමා ගිනි තබා ඇති බව සඳහන් .

එමෙන්ම CCTV කැමරා වල වෙළඳසැලට ඇතුල් වී පුද්ගලයකු ගිනි තබන අයුරු සටහන් වී ඇති බවද වාර්තා වේ .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු අක්මීමන පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version