තෙල්ලිපලය – මුලවෙට්ටි ප්‍රදේශයේ සහල් මෝලක අද (09) අලුයම ගින්නක් හටගත් බව වාර්තා වේ.
ගින්නෙන් රුපියල් ලක්ෂ ගණනක් වටිනා සහල් මෝල් යන්ත්‍රෝපකරණ ඇතුළු උපකරණ සහ ගෘහ භාණ්ඩවලට ද හානි සිදුව ඇති බව සඳහන්.
පොලීසිය සැක පල කරන්නේ විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න හට ගන්නට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු තෙල්ලිපලය පොලීසිය විසින් සිදු කරනු ලබයි.
