හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ගින්නක්.

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග පැවැත්වෙන සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ක්‍රීඩාංගණ භාර බලධාරීන් මැදිහත් වී ගින්න ක්‍රීඩාංගණය තුළට යාම වළක්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරින් සහ සිම්බාබ්වේ ක්‍රීඩා බලධාරීන් තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට හරාරේ ක්‍රීඩාංගණය සුදුසු තත්ත්වයක පවතින බවට තහවුරු කරගෙන ඇති බව සදහන්.

Exit mobile version