ඊයේ (02) කිලිනොච්චිය , ධර්මපුරම් ප්‍රදේශයේ පොල් වත්තක හට ගත් ගින්නෙන් පොල් වගාවට දැඩි අලාභ හනි සිදුව ඇති බව වාර්තා වේ .
මෙම පොල් වත්ත තුළ කොහු කර්මාන්තශාලාවක් පිහිටා ඇති අතර ඉන් ගින්න පැතිරෙන්නට ඇති බව සැකපල කරයි.
හටගත් ගින්නෙන් පොල් ගස් 50 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ගින්න හට ගන්නා අවස්ථාවේ දී පොල් වත්ත තුළ හෝ කර්මාන්තශාලාව තුළ කිසිවෙකුත් සිට නොමැති බව වාර්තා වේ .
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරී ගොස් ඇති අතර කිලිනොච්චිය ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ .
ගිනි ගැනීම සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
