හමුදා කඳවුරෙන් අස්ථානගත වූ ගිනි අවිය සොයා ගනී.

කරන්දෙණිය හමුදා කඳවුරේ තිබී අස්ථානගත වූ ටී-56 වර්ගයේ ගිනිඅවිය බටපොල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, ගිනිඅවිය සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකරු කරන්දෙණිය යුද හමුදා කඳවුරට අනුයුක්ත යුද හමුදා සෙබළෙක් බවට පොලීසිය පවසයි.

කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් ටී – 56 ගිනිඅවියක් සහ මැගසින් කිහිපයක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එමෙන්ම යුද හමුදා පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වුණි.

කරන්දෙණිය හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් අතුරුදන් වූ ගිනිඅවිය භාවිත කරමින් දකුණු පළාතේ සිදුවූ ඇතැම් මනුෂ්‍ය ඝාතන සිදුකර ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

Exit mobile version