ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබූ ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම 2022 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුරේ දී ධනුෂ්ක ගුණතික විසින් එරට කාන්තාවක් සමඟ මිත්‍ර වී පසුව ඇයගේ කැමැත්තකින් තොරව දූෂණයට ලක් කළා යැයි චෝදනා එල්ල විය. ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “ Downing centre “ අධිකරණයේ දී කැඳවූ අතර සිඩ්නි පොලිසිය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව නීතීඥයින් අධිකරණයේදී කරුණු දක්වන ලදී. පසුව ඊට අදාළ නඩුව ජුලි 13 වනදා නැවත කැඳවීමට නියමිත බව සඳහන්.
