ආණමඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විදේශීය රටක නිශ්පාදිත බෝර 12 තුවක්කුවක් සමඟ සැකකරුවෙකු ඊයේ (30) ආණමඩුව කුමාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙකි.
එමෙන්ම සැකකරු අද (31) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ආණ්මඩුව පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.
